Kitchen
තක්කාලි සුප්
අවශ්‍ය ද්‍රව්‍ය,
ඉදුණු තක්කාලි ග්‍රෑම් 500
සිහින්ව කපා ගත ලොකු ළූණු ගෙඩි 1/2
එළවලු තෙල් තේ හැඳි 02
කපා ගත සුදු ලූනි බික් 04
ලුණු ගම්මිරිස් පදමට
හීනියට කපා ගත මිංචි කොළ 06 -07
වතුර කෝප්ප 04
සාදන ක්‍රමය,
තක්කාලි හොඳින් සෝදා පිරිසිදු කර උඩින් කතිරයක් ආකාරයට පිහියකින් කැපුමක් දමා උණු වතුරට දමන්න.
විනාඩි 02 -03ක් තැම්බෙන්නට හැර පිටතට ගෙන උඩ පොත්ත ඉවත් කරගෙන කැබලිවලට කපා ගන්න
බඳුනක් ලිප තබා එයට එළවලු තෙල් දමා රත්වන විට සියලුම ද්‍රව්‍ය දමා විනාඩි 02 -03 ක් තෙම්පරාදු කරගන්න.
එයටම වතුර එක්කර හැඳි ගාමින් පිස ගන්න.
ලිපෙන් ඉවත්කර නිවෙන්නට හැර බ්ලෙන්ඩර් කර පෙරා පානය කරන්න.